හොංකොං රජයෙන් රට පුරා AI කැමරා 60,000ක් සවි කිරීමට තීරණයක්

0
හොංකොං රජයෙන් රට පුරා AI කැමරා 60,000ක් සවි කිරීමට තීරණයක්

හොංකොං රජයෙන් රට පුරා AI කැමරා 60,000ක් සවි කිරීමට තීරණයක්

කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන මුහුණු හඳුනා ගැනීමේ කැමරා හැටදහසක් රට පුරා සවි කිරීමට හොංකොං රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පොලිස් අපරාධ මැඩලීමේ වැඩසටහනක් යටතේ මේ වනවිටත් සීසීටීවී කැමරා 4,000ක් හොංකොං මූල්‍ය කේන්ද්‍රස්ථානයේ සවිකර තිබේ.

ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව 2028 වසර වනවිට එම සංඛ්‍යාව 60,000ක් දක්වා වැඩි කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ.

පසුගිය වසරේ අපරාධ මැඩලීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම හේතුවෙන් සීසීටීවී කැමරා භාවිත කර නඩු 400කට වැඩි ප්‍රමාණයක් විසඳීමට සහ අත්අඩංගුවට ගැනීම් 787ක් සිදුකිරීමට හැකිවූ බව එරට පොලීසිය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com