කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අත්හදා බැලූ දෙළුම් විශේෂ 2කින් සාර්ථක ප්‍රතිඵල

0
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අත්හදා බැලූ දෙළුම් විශේෂ 2කින් සාර්ථක ප්‍රතිඵල

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අත්හදා බැලූ දෙළුම් විශේෂ 2කින් සාර්ථක ප්‍රතිඵල

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අත්හදා බැලූ නව දෙළුම් විශේෂ 2කින් සාර්ථක ඵලදාවක් ලබාගැනීමට හැකිව තිබේ.

අම්බලන්තොට රුහුණු පැල තවාන යටතේ අත්හදා බැලූ මෙම දෙළුම් විශේෂ නම් කර තිබෙන්නේ ‘මලී පින්ක්’ සහ ‘ලංකා රෙඩ්’ නමිනුයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා (පර්යේෂණ) එල්. ජී. අයි. සමන්මලී මහත්මිය විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාවේ ප්‍රතිපාදනයන්ට අනුගතව සිදුකළ පර්යේෂණයකට අදාළව මෙය සිදුකර තිබෙනවා.

මෙම දෙළුම් විශේෂ හම්බන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක වගා කළ හැකි බවයි අනාවරණය වන්නේ.

එමෙන්ම මෙම නව දෙළුම් විශේෂ දෙක මෙරට තුළ වගා කිරීමෙන් ඉන්දියාව ඇතුළු විදේශ රටවලින් මෙරටට ගෙන්වනු ලබන දෙළුම් ප්‍රමාණය අඩුකර ගැනීමට ද හැකිවනු ලබන අතර මෙම දෙළුම් විදේශ වෙළෙඳපොළට යැවීම මගින් විදේශ විනිමය ලබාගැනීමට ද හැකියාවක් පවතින බව පර්යේෂකයින් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com