කෝටි 06ක වාහන 3ක් ළඟ තබාගත් පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

කෝටි 06ක වාහන 3ක් ළඟ තබාගත් පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී අත්අඩංගුවට
ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3ක් සමඟ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (28) දිනයේ අත්අඩංගුවට ගෙන තිබේ.
පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුක්තකට අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද (29) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
නීති විරෝධී ලෙස මෙම රථවාහන මෙරටට ආනයනය කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති බව සඳහන් වේ.
මෙහිදී ලෑන්ඩ් රෝවර් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථ 03ක් සොයාගෙන ඇත.
රාජ්‍ය ආයතනවලට අයත් ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කළ මෙම වාහන ලියාපදිංචිකර ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.