සැප්තැම්බර් 27 සහ 28 යන දිනයන්හි FISCH චිත්‍රපට උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේදී

0
සැප්තැම්බර් 27 සහ 28 යන දිනයන්හි FISCH චිත්‍රපට උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේදී

සැප්තැම්බර් 27 සහ 28 යන දිනයන්හි FISCH චිත්‍රපට උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවේදී

චිත්‍රපට උරුම පදනම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සමඟ ඒකබද්ධව ප්‍රංශ තානාපති කාර්යාලය,FISCH (ප්‍රංශය-ඉන්දියාව-ශ්‍රී ලංකා සිනමා උරුමය) ව්‍යාපෘතිය යටතේ සංවිධානය කරන FISCH චිත්‍රපට උළෙල එළඹෙන සති අන්තයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ අනුව 2025 සැප්තැම්බර් 27 සහ 28 යන දින දෙකෙහි ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී එම සිනමා නිර්මාණ තිරගත වනු ඇත.

මෙහිදී ප්‍රංශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ප්‍රතිසංස්කරණය කරන ලද චිත්‍රපට ප්‍රදර්ශනය වන්නට නියමිතය.

සිනමා උළෙලේ සංවිධායකයින් දන්වන්නේ සිනමා රසිකයින්ට එම සිනමා නිර්මාණ නැරඹීම වෙනුවෙන් ඇතුළු වීම සම්පූර්ණයෙන් නොමිලේ වන බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com