ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

0
ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගෙවීම පැහැරහැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළව ගෙවෙන ලෙස නියම කෙරුණු වන්දි මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් එම නෞකාවේ විදේශීය සමාගමට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා ලබන ජනවාරි මස 26 වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(25) නීතිපතිවරයාට නියම කළේය.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කළ නියෝග ක්‍රියාත්මක වී ඇති ආකාරය සොයා බැලීම සඳහා එම පෙත්සම් ඊයේ (25) දිනයේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *