ගාසා තීරයට ආහාර රැගෙන යන ෆ්ලෝටිලා යාත්‍රාවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

ගාසා තීරයට ආහාර රැගෙන යන ෆ්ලෝටිලා යාත්‍රාවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
අවතැන් වූවන්ට සහනාධාර තොගයක් රැගෙන ෆ්ලෝටිලා සංවිධානයට අයත් යාත්‍රා 20කින් ගාසා තීරය බලා යාත්‍රා කරමින් සිටින ලෝක ප්‍රකට ස්වීඩන් ජාතික දේශගුණික ක්‍රියාකාරිනිය ග්‍රේටා තුන්බර්ග් ඇතුළු පිරිස ඉලක්ක කරමින් අඟහරුවාදා (23) රාත්‍රී අඛණ්ඩව ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ග්‍රීසියට අයත් ජාත්‍යන්තර මුහුදේදි එම ඩ්‍රෝන ප්‍රහාර සිදු වී ඇති අතර, එය ඊශ්‍රායලය විසින් සිදු කළ බවටද චෝදනා එල්ල වී ඇතැයිද වාර්තා වේ. එම සිදුවීමෙන් පසු යාත්‍රා සමූහයේ ආරක්ෂාවට සිය නාවික හමුදාවේ සහාය ලබාදීමට ඉතාලියට සිදුවූ බවද වාර්තා වේ. පලස්තීන හිතවාදී සමාජ ක්‍රියාකාරීන් සහ නීතිඥවේදීන් ඇතුළු පුද්ගලයන් 350 දෙනකු ගාසා සංචාරයට එක්වී සිටින අතර, ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිවකුට හානියක් නැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉතාලියේ ආරක්ෂක ඇමැති ගුයිඩෝ ක්රොසේටෝ ප්‍රකාශ කර ඇත්තේ ෆ්ලෝටිලා යාත්ර සමූහය ඉලක්ක කරමින් නාඳුනන පාර්ශ්වයකින් එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති බවය. එම ප්‍රහාරය තරයේම හෙළා දකින බවද ඉතාලි ආරක්ෂක ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.