අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහි පෙත්සම ඉල්ලා අස් කරගනී

0
රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

රවුෆ් හකීම් සහ නිසාම් කාරියප්පර් ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත්කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිදුකළ නිර්දේශය හා එම පත්වීම බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම (23) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස් කරගැනුණි.

උඩවලව සෝම විහාරයේ විහාරාධිපති වේවැල්දූව ඥානප්‍රභා ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

මෙම පෙත්සම (23) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙසය.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව එය නිශ්ප්‍රභ කිරීමටද කටයුතු කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com