මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන්ට පොදු ප්‍රවාහන බලපත්‍රයක්

0
මගී ප්‍රවාහන බලපත්‍රවලට වලංගු කාලයක් හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ

මගී ප්‍රවාහන බලපත්‍රවලට වලංගු කාලයක් හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ

මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ”පොදු ප්‍රවාහන බලපත්‍රය” ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අම්පාරේ සෙනසුරාදා (20) පැවැති රැස්වීමකදීයි.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ එම බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවත් ඒ අනුව මෙම වසර අවසානයේදී පොදු ප්‍රවාහන රියදුරන් අනිවාර්යයෙන්ම එම බලපත්‍රය ලබා ගත යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා,

“දැන් සීට් බෙල්ට් අනිවාර්ය කරානේ. මම පිළිගන්නවා සමහර බස් නිෂ්පාදනය කරලා එනකොට සීට් බෙල්ට් තිබුණේ නෑ. හැබැයි බස් මොඩිෆිකේෂන් කරන්න පුළුවන් සීට් බෙල්ට් එක දාගන්න බෑ. දැන් දරුවාගේ පාසල් බෑග් එකේ පටිය දාගෙන යනවා මාව, පොලීසියේ මහත්වරුන්ව රවට්ටන්න. මේ අයට මිනිස්සු 50ක් භාර දෙන්න සුදුසු නෑ ඇත්තටම ගත්තොත්. අපි තීන්දුවක්ම අරන් තියෙනවා පොදු ප්‍රවාහනයට එන්න ඕනේ සීරියස් මිනිස්සු. ඒ නිසා අපි හිතන් ඉන්නවා මිනිස්සු ප්‍රවාහනය කරන හැම රියදුරු මහත්මයාම පොදු ප්‍රවාහන බලපත්‍රය ගන්න ඕනේ. දැන් අපි සැලසුම් හදලා ඉවරයි දෙසැම්බර් 31 වෙනකොට අනිවාර්යයෙන්ම PT කියන බලපත්‍රය ගන්න ඕනේ…”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com