කොවිඩ් මුල් අවධිය වාර්තා කළ මාධ්‍යවේදිනියට තවත් සිර දඩුවමක්

කොවිඩ් මුල් අවධිය වාර්තා කළ මාධ්‍යවේදිනියට තවත් සිර දඩුවමක්
කොවිඩ් වසංගතයේ මුල් අවධිය පිළිබඳ තොරතුරු වාර්තා කළ චීන මාධ්‍යවේදිනියට තවත් වසර හතරක සිර දඩුවමක් නියම වී තිබේ.
ආරවුල් ඇති කිරීම යන චෝදනා මත ඇය චීන බලධාරීන්ගේ අත්අඩංගුවට පත්වුණේ 2020 වසරේ දෙසැම්බර් මාසයේදීය.
42 හැවිරිදි අදාළ මාධ්‍යවේදිනිය, කොවිඩ් වසංගතය පැතිරීම ආරම්භ වූ බවට සැලකෙන චීනයේ වූහාන් නගරයේ සිට ජාත්‍යන්තර මාධ්‍ය වෙත තොරතුරු වාර්තා කළ බව සඳහන්ය.
මාධ්‍ය නිදහස පිලිබඳ සංවිධාන පෙන්වා දෙන්නේ, ඇයව නිදහස් කරන ලෙසට චීනයට බලපෑම් කිරීම සදහා ජාත්‍යන්තර ප්‍රජාව එක්විය යුතු බවයි.