පොතුවිල් මූලික රෝහලේ තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට

0
පොතුවිල් මූලික රෝහලේ තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට

පොතුවිල් මූලික රෝහලේ තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට

පොතුවිල් මූලික රෝහලේ රුපියල් බිලියනයක වියදමින් ඉදිකළ තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කෙරුණා.

චීන රජයේ ආධාර යටතේ තෝරාගත් රෝහල් 13ක සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේයි පොතුවිල් මූලික රෝහලේ මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරුණේ.

තෙමහල් ශල්‍ය හා සායනික බහු සංකීර්ණ ගොඩනැගිල්ල විවෘත කළේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනුයි. එය විවෘත කිරීමෙන් පසු අමාත්‍යවරයා මෙම ඒකක නිරීක්ෂණයට ලක්කළා.

අනතුරුව පැවති උත්සවය ඇමතූ නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ චීන රජයේ ආධාර යටතේ රෝහල් 13ක සංවර්ධන කටයුතු අතුරින් 12කම වැඩ අවසන් කර ඇති බවයි.

මේ අතර අම්පාර රෝහලේ ඉදිකරමින් පවතින හදිසි අනතුරු ඒකකය හා රෝග කැතීටකරණ ඒකකයද නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

එහි ඉදිකිරීම් වසරකට වැඩි කාලයක් සිදුවූ අතර වහාම එම ඉදිකිරීම් කඩිනම් කරන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

රෝහල් අභ්‍යන්තර මාර්ග පද්ධතිය නවීකරණය සදහා රුපියල් මිලියන 35ක මුදලක් වැයකර තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික් මහ රෝහලට නොමිලේ ගිලන් රථයක් හා ලොරි රථයක් ලබාදුන්නා. අම්පාර මහ රෝහල නවීකරණයට සහ අවශ්‍ය සේවාවන් පුළුල් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com