ශ්‍රි ලංකා ඉංජිනේරුවන්ගේ 3 වැනි නැනෝ චන්ද්‍රිකාව අද කක්ෂගත කරයි

මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව එනම් බර්ඩ්ස්-එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි අද (19දා) කක්ෂගත කිරීමට නියමිත බව මොරටුව ආතර් සී. ක්ලාක් ආයතනය පවසයි.
බර්ඩ්ස් -එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 දා නාසා ආයතනය විසින් දියත් කළ එස්.පී.එක්ස් – 33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගොස් තිබේ. 2019 වසරේදී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස ‘රාවණ – 1’ චන්ද්‍රිකාවත්, 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශ්වයන් 5 ක සහභාගීත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කළ ‘කිට්සුනේ’ චන්ද්‍රිකාවත් මීට පෙර කක්ෂගත කර තිබුණි.
ඒ අනුව බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි නැනෝ චන්ද්‍රිකාව අද පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හැරීමට නියමිතය.