වසර 60කට පසු අලුත් වන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ

වසර 60කට පසු අලුත් වන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ
කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන් ඊයේ දින (15) ආරම්භ කෙරුණා.
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් උදාකර දිමේ රජයේ වැඩපිළිවෙලට අනුව ක්ලින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 425ක්.
මේ අතර අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ මෙම වසර තුළ කොළඹ සහ ඒ ආශ්රිත ප්‍රදේශවල අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 15ක් ඉදිකිරීමට පියවර ගන්නා බවයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල ස්ථාපිත කෙරෙන්නේ 1964 වර්ෂයේදීයි.
දිනකට ගමන් වාර 1500ක් 2000ක් අතර ප්‍රමාණයක් මෙම බස් නැවතුම්පල මගින් සිදුකෙරෙන අතර ලක්ෂයකට පමණ පිරිසකට විවිධ ප්‍රදේශ කරා ප්‍රවාහන පහසුකම් සැපයෙන ප්‍රමුඛතම ප්‍රවාහන මධ්‍යස්ථානය වන්නේද මෙයයි.
නිසි අලුත්වැඩියාවක් නොකිරීම හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්වුණා.
ඊට විසඳුම් ලබාදෙමින් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඊයේ (15) ආරම්භ කෙරුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම පර්යන්තය සම්පුර්ණයෙන්ම වසා දමා සියලු පහසුකම් සහිත නවීන සහ ආකර්ෂණීය බස් නැවතුම්පළක් ලෙස පූර්ණ සංවර්ධනයට ලක්කෙරෙන්නේ වසර 60කට පසවුයි.
මධ්‍යම බස් නැවතුම්පල නවීකරණ ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා.
අනතුරුව පැවති උත්සහ සභාව ඇමතු අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ 2029 වසර වනවිට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 50ක් පමණ රටපුරා පිහිටුවීමට පියවර ගන්නා බවයි.
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල නවීකරණ ව්‍යාපෘතිය සඳහා ඉංජිනේරුමය ශ්‍රම දායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි.
ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මෙන්ම ගමනා ගමන මණ්ඩලය ඇතුළු ආයතන රැසක් මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබාදෙනවා.
නව ව්‍යාපෘතිය යටතේ විවේකාගාර /තොරතුරු සන්නිවේදන ස්ථාන /ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමටද නියමිතයි.
2026 වසරේ අප්‍රේල් මාසයේ දී සිංහල /දෙමළ අලුත් අවුරුද්දට පෙර කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණ ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.