ලක්ෂ 50ක් වටිනා භාණ්ඩ සමඟ ව්‍යාපාරික යුවළක් කටුනායකදී අත්අඩංගුවට

0
ලක්ෂ 50ක් වටිනා භාණ්ඩ සමඟ ව්‍යාපාරික යුවළක් කටුනායකදී අත්අඩංගුවට

ලක්ෂ 50ක් වටිනා භාණ්ඩ සමඟ ව්‍යාපාරික යුවළක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ පනහක් වටිනා නවීනතම ජංගම දුරකථන, ටැබ් පරිගණක, රූපලාවන්‍ය ආලේපන සහ දුම්වැටි සහ ගංජා ඔතන කඩදාසි තොගයක් රැගත් ගුවන් මගීන් දෙදෙනෙකු, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ දින (12) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කටයුතු වල නිරත වී සිටින්නන් වන අතර ඔවුන් අතරින් පිරිමි පුද්ගලයා 32 හැවිරිදිය. කාන්තාව 45 හැවිරිදිය.

ඔවුන් දෙදෙනා ඊයේ (12) අලුයම 05.30ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 05ක් තුළ නවීනතම ජංගම දුරකථන 132ක්, ටැබ් පරිගණක 14ක්, දුම්වැටි සහ ගංජා එතීම සදහා භාවිතා කරන කඩදාසි අඩංගු පෙට්ටි 1,700ක් සහ රූපලාවන්‍ය ආලේපන විශාල තොගයක්ද සඟවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com