පොලීස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නව ස්ථානයක ස්ථාපිත කරයි

0
පොලීස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අලුත් තැනක ස්ථාපිත කරයි

පොලීස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අලුත් තැනක ස්ථාපිත කරයි

මෙරට සිදුවන ආන්දෝලනාත්මක අපරාධ හා අතීතයේ මෙරටින් වාර්තා වූ තවමත් නොවිසඳුණු අපරාධ පිළිබඳව විමර්ශන සිදුකර එම අපරාධයන්හි සැබෑ අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පොලිසියේ පොලීස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මේ වනවිට එහි විමර්ශන කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යනු ලබයි.

ඒ අනුව නීති විරෝධී වත්කම්, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ, පරිගණක අපරාධ, තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් හා සමුද්‍රීය අපරාධ වැනි අපරාධ විමර්ශනයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සෘජුවම සහය වීමට හැකිවීමෙන් මෙරට ක්‍රියාත්මක වන අපරාධ ජාලයන් මෙන්ම අපරාධකරුවන් හදුනාගෙන ඊට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා විමර්ශනය කිරීම මෙම කාර්යංශය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණයි.

මෙම අරමුණු සහ මෙහෙවර සාර්ථක කරගැනීම සඳහා විධිමත් රාජකාරි ස්ථානයක් ලෙස හදුනාගත් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලෙහි වෙන්කරගන්නා ලද කාර්යාලයක් තුළ පොලීස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ස්ථාපිත කිරීම බ්‍රහස්පතින්දා දින (04) මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ හා කම්කරු නියේජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com