කටුනායක රේගු පර්යන්තයේ ස්ථාපිත ස්කෑන් යන්ත්‍රයෙන් පළමුවරට රු.10 කෝටි 50 ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

0
කටුනායක රේගු පර්යන්තයේ ස්ථාපිත ස්කෑන් යන්ත්‍රයෙන් පළමුවරට රු.10 කෝටි 50 ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

කටුනායක රේගු පර්යන්තයේ ස්ථාපිත ස්කෑන් යන්ත්‍රයෙන් පළමුවරට රු.10 කෝටි 50 ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

රුපියල් දස කෝටි පනස් ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිට කරගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගියෙකු ඊයේ(05) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ඉන්දියාවේ නවදිල්ලි නුවර සපත්තු වෙළෙදසැළක අලෙවි සේවකයෙකු ලෙස කටයුතු කරන 43 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකි.

ඔහු මෙම ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන, ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ, එතැන් සිට ඊයේ (05) උදෑසන 07.45ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ පැකැට් 19ක් ලෙස සකස් කළ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 750ක ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙම වැටලීම පසුගියදා කටුනායක ගුවන් තොටුපොළ රේගු පැමිණීමේ පර්යන්තයේ “හරිත මාවත” තුළ ස්ථාපිත කළ පරිලෝකන යන්ත්‍රය (Scan Machine) උපයෝගී කර ගෙන රේගු නිලධාරීවරුන් විසින් සිදු කළ පළමු අත්අඩංගුවට ගැනීම වේ.

මෙම “කුෂ්” මත්ද්‍රව්‍ය තොගය සහ මෙම ඉන්දීය ජාතිකයා මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com