ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්

0
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්

දැනට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කරනු ලබන ඩී.ඩී.ජී.ඒ.සෙනෙවිරත්න මහත්මිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත 2025-09-05 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට නියමිතයි.

ඒ අනුව, පුරප්පාඩු වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට දැනට එම දෙපාර්තමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය වන කේ.එම්.ඩී.එස්.ඩී.කරුණාරත්න මහත්මිය එදින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com