ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

0
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 දක්වා රිමාන්ඩ්

අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ සැප්තැම්බර් 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුව ඊයේ (02) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

සැකකරු ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ සමයේ, වෙනත් පුද්ගලයෙකුගේ නමින් පෞද්ගලික බැංකු තුනක ගිණුම් 03ක් විවෘත කර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්ද, පොලීසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන්ද අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com