අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිවරිය හමුවෙයි

0
අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිවරිය හමුවෙයි

අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් අගමැතිවරිය හමුවෙයි

ඉකුත් 22වැනිදා ශ්‍රී ලංකාවේ අභිනවයෙන් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.

ඉන්දුනීසියාව සඳහා නම් කරන ලද තානාපතිනි එස්.එස්.ප්‍රේමවර්ධන මහත්මිය, බ්‍රසීලය සඳහා නම් කරන ලද තානාපතිනි සී.ඒ.සී.අයි.කොලොන්නේ මහත්මිය, මාලදිවයින සඳහා නම් කරන ලද මහ කොමසාරිස් එම්.ආර්.හසන් මහතා, තුර්කිය සඳහා නම් කරන ලද තානාපති එල්.ආර්.එම්.එන්.පී.ජී.පී.බී.කදුරුගමුව මහතා, නේපාලය සඳහා නම් කරන ලද තානාපතිනි රුවන්ති දෙල්පිටිය මහත්මිය, කොරියානු ජනරජය සඳහා නම් කරන ලද තානාපති එම්.කේ.පත්මනාදන් මහතා සහ ඕමාන සුල්තාන් රාජ්‍යය සඳහා නම් කරන ලද තානාපති ඩබ්ලිව්.ඒ.කේ.එස්.ද අල්විස් මහතා මෙම නියෝජිත පිරිසට ඇතුළත් විය.

ශ්‍රී ලංකාව හා යහපත් සබඳතා වැඩි දියුණු කිරීමට, ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතු බව අග්‍රාමාත්‍යතුමිය නව දූත මණ්ඩල ප්‍රධානීන් දිරිමත් කරමින් සඳහන් කළාය. තවද, ඔවුන්ගේ සත්කාරක රටවල පවතින අවස්ථා පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අග්‍රාමාත්‍යතුමිය, ඔවුන්ගේ ඉදිරි රාජකාරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය සුභාශිංසන එක් කළාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බොගහවත්ත මහත්මියද එක් වූහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com