කෝටි 5කට අධික මහා පරිමාණයේ කංසා හේන් 5ක් වටලයි

0
කෝටි 5කට අධික මහා පරිමාණයේ කංසා හේන් 5ක් වටලයි

කෝටි 5කට අධික මහා පරිමාණයේ කංසා හේන් 5ක් වටලයි

හම්බේගමුව සහ තණමල්විල පොලිස් බල ප්‍රදේශවල ඊයේ දින (19) සිදුකළ වැටලීම්වලදී කෝටි පහකට අධික මහා පරිමාණයේ කංසා හේන් පහක් වටලා වියළි කංසා ලඟ ලබාගත් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

හම්බේගමුව පොලිස් ස්ථානාධිපති ඩී.එම් විජේසුන්දර මහතා සහ හම්බේගමුව පොලීසියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සෙවනගල හබරල වැව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අක්කරයක පමණ භූමියක වගා කර තිබූ අඩි එකහමාරක් උසැති කංසා ගස් 26,150 සමඟ එම ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි අයෙකුද,එම නිලධාරීන් විසින් අලුත් වැව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අක්කර එකක පමණ භූමියක වගා කර අඩි තුනක් උසැති කංසා ගස් 27,350 සමඟ අලුත්වැව මිල්ලගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකුද, තණමල්විල පොලීසියේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ පො.ප නිශාන්ත ගමගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සූරියආර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අක්කර භාගයක වගාකර තිබූ අඩි දෙකහමාරක් උස කංසා ගස් 8,451 සමඟ සූරියආර විජයපුර පදිංචි 39 හැවිරිදි අයෙකුද, මොනරාගල කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ උ.පො.ප සපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමැක් අලුත්වැව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අක්කර භාගයක වගා කර තිබූ උස අඩි පහත් හයක් අතර කංසා ගස් 4,586 සමඟ එම ප්‍රදේශයේම පදිංචි 22 හැවිරිදි අයෙකුද,මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ උ.පො.ප යූ.එන් චමින්ද මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හම්බේගමුව ධීවර ගම්මානයේ සිදුකළ වැටලීමකදී අක්කර කාලක පමණ ඉඩමක වගා කර තිබූ අඩි තුනක් උස කංසා ගස් 3,105 සමඟ එම ගම්මානයේම පදිංචි 37 හැවිරිදි අයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව එම ඒකකය මඟින් ගම්මානයේම පදිංචි අවුරුදු 33,33 සහ 26 හැවිරිදි සැකකරුවන් තිදෙනෙකු වියළි කංසා ග්‍රෑම් 300g, 250g සහ 250g බැගින් ලඟ තබාගෙන සිටියදී පොලීසිය භාරයට ගෙන ඇත.

කංසා වගාවන් පුළුස්සා විනාශ කර ඇති අතර සැකකරුවන්, වියළි කංසා සහ කංසා ගස් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com