සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම කාර්ය මණ්ඩලවල දේශීය හා විදේශීය නිවාඩු අවලංගු කෙරේ

0
සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රීවරයෙක්

සෞඛ්‍ය සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රීවරයෙක්

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩල සඳහා දේශීය සහ විදේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම්දෙනතුරු අවලංගු කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක PED 05/2022 හා එම චක්‍රලේඛවලට අනුශාංගික චක්‍රලේඛ ප්‍රකාරව දේශීය, විදේශීය නිවාඩු අවලංගු කරමිනුයි පසුගිය 18 වැනිදා මෙම නියෝග නිකුත් කර ඇත්තේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල විදෙස්ගත වීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය රාජකාරි පවත්වා ගෙන යාම දුෂ්කර වී ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු සහ තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීමද සීමා කර ඇති බැවින් මෙම පියවර ගැනීමට සිදුවන බවත්, එම චක්‍රලේඛයේ සඳහන් වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, විශේෂිත වැඩසටහන් ප්‍රධානීන්, පළාත් රෝහල්, දිස්ත්‍රික් රෝහල් හා මූලික රෝහල් ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යාංශ යටතේ ඇති සංස්ථා මණ්ඩල ප්‍රධානීන් සහ අමාත්‍යාංශයේ සියලුම අංශ ප්‍රධානීන් දැනුවත් කරමිනුයි සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com