සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත් දෙකක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක්

සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත් දෙකක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක්
ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත් දෙකක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් මත නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙනුයි.
සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති ආයතන දෙකකට අදාළ පනත් පිළිබඳ මෙම කමිටුව විසින් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවයි ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ.
ඉන් එක් ආයතනයක් ජාතික ආරක්ෂාවට බලපාන සයිබර් ආරක්ෂණ කාරණා සම්බන්ධයෙනුත්, අනෙක් ආයතනය රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සයිබර් ආරක්ෂාව අධීක්ෂණය කිරීම සඳහාත් පත්කරන බවයි වාර්තා වන්නේ.
මෙම ආයතනවලට අවශ්‍ය බලතල සහ නියාමන රාමුව සපයනු ලබන්නේ කමිටුවේ නිර්දේශ මත පදනම් වූ මෙම පනත් කෙටුම්පත් දෙක මගිනුයි.
ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ ජාතික සයිබර් ආරක්ෂාව ශක්තිමත් කිරීමේ රජයේ වැඩසටහනේ කොටසක් ලෙස මෙම පනත් කෙටුම්පත් කඩිනමින් සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරන බවයි.