ඊශ්‍රායලය ගාසා තීරයේ තවත් 73 දෙනෙකු ඝාතනය කරයි

0
ඊශ්‍රායලය ගාසා තීරයේ තවත් 73 දෙනෙකු ඝාතනය කරයි

ඊශ්‍රායලය ගාසා තීරයේ තවත් 73 දෙනෙකු ඝාතනය කරයි

මාධ්‍යවේදීන් ඝාතනය කිරීමෙන් ලොවම කම්පනයට පත්වීමේ සිදු වීමෙන් පසුව ඊශ්‍රායලය ගාසා තීරයේ තවත් 73 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදා ඊයේ (12) ගාසා තීරය පුරා එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 73 දෙනෙකු ඝාතනය වී තිබෙනවා.

ඒ අතරතුර කුසගින්න හේතුවෙන් තවත් පලස්තීන ජාතිකයින් දෙදෙනෙකු, හය හැවිරිදි පිරිමි ළමයෙකු හා 30 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය බවයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර ඊශ්‍රායලය ගාසා තීරයේ අල් ජසීරා මාධ්‍යවේදීන් සිව්දෙනෙකු සහ නිදහස් සේවකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව ලොව පුරා තවදුරටත් විරෝධතා පැවැත්වෙනවා.

කෙසේ වෙතත් සටන් විරාම ගිවිසුමක් ඇතිකර ගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා හමාස් නියෝජිත පිරිසක්ද ඊජිප්තුවට පැමිණ තිබෙනවා.

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 61,599 දෙනෙකු ඝාතනයට පත්වි තිබෙනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව 154,088ක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com