කෝටි 11ක් වටිනා රන් බිස්කට් තොගයක් කටුනායක දී අත්අඩංගුවට

0
කෝටි 11ක් වටිනා රන් බිස්කට් තොගයක් කටුනායක දී අත්අඩංගුවට

කෝටි 11ක් වටිනා රන් බිස්කට් තොගයක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් එකොළොස් කෝටි පනස් ලක්ෂයක් වටිනා පවුම් 408ක් බරැති රන් බිස්කට් 28ක්, මෝටර් රථ අමතර කොටස් තුළ සඟවාගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් ඉවතට රැගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මඟියෙකු ඊයේ (11) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු හලාවත ප්‍රදේශයේ පදිංච් 58 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඊයේ දින (11) උදෑසන 09.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එසේ පැමිණි ඔහු ව්‍යාපාරිකයන් සදහා වූ ”රක්ත මාවත” (Red Channel) ඔස්සේ පැමිණ, තමන් ගෙන ආ මෝටර් රථ අමතර කොටස් තොගය සදහා අදාළ තීරු බදු ගෙවා ගුවන් තොටුපොළෙන් පිට වී යාම ආරම්භ කර තිබේ.

එහෙත් ඔහු පිළිබඳ ලැබී තිබූ බුද්ධි තොරතුරු පදනම් කරගෙන, කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ඔහු අත්අඩංගුවට ගෙන, මෙම මෝටර් රථ අමතර කොටස්, ගලවා සියුම් ලෙස පරීක්ෂා කර කළහ.

එහිදී එම මෝටර් රථ කොටස් තුළ සූක්ෂම ලෙස සගවා තිබූ කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 266ක් බරැති, රන් බිස්කට් 28ක් සොයා ගැනීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබුණි.

පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා, ඔහු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රන් බිස්කට් තොගය, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com