අම‍ෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ 20%ක තීරු බදු අද සිට බලාත්මකයි

0

අම‍ෙරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ 20%ක තීරු බදු අද සිට බලාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසයි.
පසුගිය අප්‍රේල් 2 වැනිදා, අමෙරිකාව ශ්‍රී ලංකාවට 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළේ ය.

අනතුරුව එම අනුපාත ලිහිල් කරගැනීම සදහා, අමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ආණ්ඩුව සාකච්ඡා කළ අතර එම බදු ප්‍රතිශතය, 30% ක් දක්වා අඩු කරගැනීමට හැකි විය.

එම බදු ප්‍රතිශතය ද අඩු කරගැනීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය දිනවල සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර අමෙරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය, 20% ක් දක්වා අඩු කළේ, එහි ප්‍රතිඵලයක් ලෙසයි.

මේ අතර අමෙරිකානු තීරු බදු හමුවේ අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමට යුරෝපීය, ආසියානු සහ අනෙකුත් ජාත්‍යන්තර වෙළඳපොළ නැගී එන අවස්ථා මේ වන විට හඳුනාගෙන ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ ය.

එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, අමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමට අපනයන ක්ෂේත්‍ර නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බවයි.

අභියෝගකාරී කාල පරිච්ඡේදය තුළ බලපෑමට ලක්වූ අපනයනකරුවන්ට සහාය වීම සඳහා රජයේ මූල්‍ය උපාය මාර්ගය පිළිබඳව එහිදී අපනයනකරුවන් දැනුවත් කෙරුණි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com