2024දී සිසුන් 20000 කගේ පමණ පාසල් ගමන අතරමග නතර වේ

0
2024දී සිසුන් 20000ක් පමණ පාසල් ගමන අතරමග නතර කරලා

2024දී සිසුන් 20000ක් පමණ පාසල් ගමන අතරමග නතර කරලා

පසුගිය වසරේදී සිසුන් 20000ක් පමණ පාසල් ගමන අතරමග නතර කර තිබෙන බවත් තවත් ළමුන් 80000ක් පමණ පාසල් ගමන අඛණ්ඩව සිදුකර නොමැති බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

සමාජයේ කතාබහට ලක්ව ඇති සමාජ අර්බුද ගණනාවක් නිර්මාණය වන්නේ මෙම පිරිස අතින්ද යන සැකය මතුවන බවද අගමැතිවරිය සඳහන් කළාය.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සම්බන්ධව මධ්‍යම පළාතේ අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කර ඒ සඳහා ඔවුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් ඊයේ (31) පැවැති රැස්වීමකදී අගමැතිවරිය මේ බව ප්‍රකාශ කළාය.

“සංඛ්‍යාත්මකව ගත්විට පිරිමි දරුවන් තමයි වැඩිපුර පාසල් ගමන අතරමග අත්හරින්නේ. මේ සංගණනයේදී ළමුන් 80000ක් පමණ නියමිත දින ගණන පාසල් නොපැමිණෙන බව අනාවරණය වුණා. මේ අය පාසල් එන්නේ පාසල් පවත්වන දින ගණනින් සියයට 50ක් විතර බව හෙළි වුණා.

පළමු ශ්‍රේණියට සිසුන් ලක්ෂ තුනක් ඇතුළු වෙනකොට ලක්ෂයකට විතර නියමිත අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. ඒක බරපතළ ප්‍රශ්නයක්. මේ අය අධ්‍යාපනය වෙනත් මාර්ගවලින් ලබා ගන්නවාද නැත්නම් අධ්‍යාපනය අත්හැරලාද කියන කරුණු අප සොයා බැලිය යුතුයි. රාජ්‍ය විශ්වවිද්‍යාල 17ට වසරකට සිසුන් 40000 ක් ඇතුළු වෙනවා. වෘත්තිය අධ්‍යාපනයට තවත් 150000 ක් විතර ඇතුළු වෙනවා. උසස් පෙළ අවසන් කළ අය වගේම පාසල් සමයේ එක් එක් අවස්ථාවලදී දරුවන් වෘත්තිය අධ්‍යාපනයට යොමු වෙනවා. ඉතිරි පිරිසට මොකද වෙන්නේ. ඒ අයට මොකක්ද වෙන්නේ කියලා හොඳ තක්සේරුවක් නැහැ.

අද ලබන අධ්‍යාපනය පහසුවෙන් රැකියාවකට ඇතුළු වෙන්න ප්‍රමාණවත් නැහැ. මේක ගැහැනු දරුවන්ට විශේෂයෙන් බලපා තිබෙනවා. විභාගවලින් හොඳ ප්‍රතිපල පෙන්වා තිබුණත් රැකියාවලට ගියාම ගැහැනු දරුවන්ට අවස්ථා අඩුයි. ශ්‍රම බළකාය තුළ පිරිමින්ට වඩා 50% කින් පමණ කාන්තා දායකත්වය අඩුවී තිබෙන්නේ මේ අවස්ථා නොමැතිවීම නිසයි.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com