‍රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා වෙනුවෙන් අනු කාරක සභාවක්

0
‍රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා හදන්න අනු කාරක සභාවක්

‍රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා හදන්න අනු කාරක සභාවක්

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සහ ඒ ආශ්‍රිත ගැටලු වලට විසදුම් සෙවීමට අමාත්‍යාංශ උපදේශක සභාවක් යටතේ අනු කාරක සභාවක් පත් කර තිබේ.

මේ බව තීරණය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා රැස්වූ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

දැනට බලාත්මක රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 හා 3/2016 මගින් රාජ්‍ය සේවයේ වැටුප් සම්බන්ධ කාරණා තීරණය වන බවත් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවලට අදාළ රාජකාරී නිශ්චිත නොවීමත් විවිධ විෂමතා හා නොගැලපීම් හමුවේ අතෘප්තිකර තත්ත්වයන් හේතුවෙන් මේ සම්බන්ධ විවිධ සංවාද සහ කථිකාවන් පසුගිය කාලයේ ඇති වූ බවත් අනුකාරක සභාවේ සභාපතිවරයා පවසයි.

රාජ්‍ය සේවයේ වෘත්තීය භාවය ඉහළ නැංවීම සදහා දැනට පවතින තනතුරු සහ ඊට අදාළ කාර්යයන් වැටුප් තල යනාදිය පිළිබඳ විද්‍යාත්මක සමාලෝචනයකින් අනතුරුව සමස්ත රාජ්‍ය සේවයේ නව වැටුප් සේවයන් හදුන්වා දීමට අවශ්‍ය යෝජනා මෙම අනුකාරක සභාව මගින් ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com