රජයට මිලියන 3000ක් පාඩු කරන්න හැදූ වාහන 1500ක් රේගු භාරයට

0
රජයට මිලියන 3000ක් පාඩු කරන්න හැදූ වාහන 1500ක් රේගු භාරයට

රජයට මිලියන 3000ක් පාඩු කරන්න හැදූ වාහන 1500ක් රේගු භාරයට

වාහන ආනයන හා අපනයන රෙගුලාසිවලට පටහැනිව මෙරටට ආනයනය කර ඇති 1500කට අධික වාහන සංඛ්‍යාවක් මුදාහැරීම ප්‍රතික්ෂේප කරමින්, රේගුවේ රඳවා තබා ගෙන ඇතැයි වාර්තා වේ.

බදු ගණනය කිරීම සඳහා භාවිත කරන මෝටර් ධාරිතාව ප්‍රකාශයට පත් කිරීමේ ගැටලුවක් හේතුවෙන් හා අදාළ වාහන නිෂ්පාදිත රටේ පිහිටි බැංකුවකින් ණයවර ලිපි නිකුත් නො කිරීම හේතුවෙන් මෙසේ මෙම වාහන නිදහස් නොකර රඳවා තබා ගැනීමට රේගුව පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙසේ බදු ගණනය කිරීම සඳහා භාවිත කරන මෝටර් ධාරිතාව ප්‍රකාශයට පත් කිරීමේ ගැටලු හේතුවෙන්, මෙරටට ගෙන්වන ලද චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1000ක්ද රඳවා තබා ගෙන ඇති බව පැවසෙන අතර, මෙම BYD විදුලි වාහන කිලෝවොට් 100ක මෝටර් ධාරිතාවක් ඇති බව පවසමින් ආනයනය කර ඇති නමුත්, මෝටර් රථ තුළ කිලෝවොට් 150ක ධාරිතාවක් සහිත මෝටරයක් ඇති බවට වන සැකය මත මෙසේ මුදාහැරීම අත්හිටුවා ඇති බව රේගු ආරංචි මාර්ග සඳහන් කරනවා.

කිලෝවොට් 100ක මෝටර් වාහනයක් සඳහා බදු ලෙස රුපියල් මිලියන 2.4ට වැඩි බදු මුදලක්ද, කිලෝවොට් 150ක මෝටර් වාහනයක් සඳහා රුපියල් මිලියන 5.4ට වැඩි බදු මුදලක් ද සාමාන්‍යයෙන් රේගුවට අය විය යුතු බව පෙන්වා දෙනු ලැබූ නිෂ්කාශන නියෝජිතවරු මෙම වාහන කිලෝවොට් සියයේ වාහන ලෙස නිදහස් වූයේ නම් රුපියල් මිලියන 3000ක පමණ බදු මුදලක් රජයට අහිමි වීමට ඉඩ තිබුණු බවද අවධාරණය කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා “දිනමිණ” පුවත්පත කළ විමසීමක දී සඳහන් කර තිබුණේ, BYD විදුලි වාහන සම්බන්ධයෙන් මේ වන විට රේගු විමර්ශනයක් සිදු වෙමින් පවතින බවත්, සිද්ධිය සම්බන්ධයෙන් රේගු විමර්ශන පවතින මේ අවස්ථාවේ එම සිදුවීමට අදාළ වෙනත් තොරතුරු සඳහන් කළ නොහැකි බවත්ය.

මෙම BYD විදුලි වාහනවලට අමතරව, ජපානයේ නිෂ්පාදිත අධිසුඛෝපභෝගී වාහන 500කට වැඩි ප්‍රමාණයක් නිෂ්කාශනය නො කර රඳවා ගෙන ඇත්තේ නිෂ්පාදිත රට වෙනුවට වෙනත් රටක බැංකුවකින් ණයවර ලිපි නිකුත් කිරීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ. ඒ වාහනවල නියම මිල ගණන් යටතේ ණයවර ලිපි විවෘත කිරීම ජපානය මඟින් අනිවාර්යය කර තිබෙන වකවානුවකයි.

මෙම නියමිත ආකාරය මගින් ජපන් වාහනයක් මෙරටට ගෙන්වීමේ දී රේගුවට වැඩි බදු මුදලක් ගෙවීමට සිදු වන හෙයින් වෙනත් රටක් හරහා වාහන මෙරටට ගෙන්වීමට ආනයනකරුවන් ක්‍රියා කර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ ණයවර ලිපිවල වාහන නිෂ්පාදිත රටේ බැංකුවක මුද්‍රාව තිබිය යුතු නමුත්, වෙනත් රටක බැංකුවක මුද්‍රාවක් තිබීම හේතුවෙන් මෙම වාහන මුදා හැරීම රේගුව මඟින් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙම වාහන ආනයනකරුවන් හා මුදල් අමාත්‍යාංශය අතර පැවති සාකච්ඡාවල දී දඩයකට යටත් කර හෝ වාහන නිදහස් කරන ලෙස ඉල්ලීම් කර ඇතත්, එම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ සඳහන් කර තිබුණේ මෙම වාහන නැවත අපනයනය කිරීමට නියමිතව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල පළ වූ අදහස් සඳහා ප්‍රතිචාර දක්වමින් ජෝන් කීල්ස් සීජී ඔටෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ, තමන් ගෙන්වූ වාහන චීනයේ BYD ආයතනය වෙතින් සෘජුවම ගෙන්වා ඇති බවත්, ඒවා සියලුම දේශීය රෙගුලාසිවලට පූර්ණ වශයෙන් අනුකූල බවත්ය.

ඒ අනුව ආනයනය කරන ලද වාහන සිංගප්පූරුව වැනි නියාමනය කරන ලද ජාත්‍යන්තර වෙළඳපොළවල් වල අලෙවි කරන වාහනවලට සමාන කිලෝවොට් 100යේ මාදිලි බවත්, වාහන නිසි නීතිමය මාර්ග ඔස්සේ සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුව ආනයනය කර ඇති බවත් සමාගම අවධාරණය කර සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com