ළමා ආරක්ෂාව පිළිබඳ සන්ධිස්ථානීය ජාත්‍යන්තර සමුළුව ජූලි 27වැනිදා දක්වා ලංකාවේ දී

0
ළමා ආරක්ෂාව පිළිබඳ සන්ධිස්ථානීය ජාත්‍යන්තර සමුළුව ජූලි 27වැනිදා දක්වා ලංකාවේ දී

ළමා ආරක්ෂාව පිළිබඳ සන්ධිස්ථානීය ජාත්‍යන්තර සමුළුව ජූලි 27වැනිදා දක්වා ලංකාවේ දී

ශ්‍රී ලංකාව තුළ ළමයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන්ට එරෙහිව සටන් කිරීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පවත්වනු ලබන ළමා ආරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කථානායක ජගත් වික්‍රමරත්න, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පසුග්‍ය(25) ආරම්භ වූ අතර, එය ජූලි 27 වැනිදා දක්වා පැවැත්වේ.

රාජ්‍ය නිලධාරීන්, ජාත්‍යන්තර සහ දේශීය විශේෂඥයින්, පර්යේෂකයින් සහ ළමා ආරක්ෂණ වෘත්තිකයින් ඇතුළුව 250කට අධික පිරිසක් මෙම සමුළුව සඳහා එක්ව සිටින අතර, ළමුන් සඳහා වඩාත් ශක්තිමත් ආරක්ෂණ පද්ධති ගොඩනැගීම එහි අරමුණයි.

කැලණිය විශ්ව විද්‍යාලයේ ස්ත්‍රි පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) සමග එක්ව, යුරෝපා සංගමයේ (EU) සහය ඇතිව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් පවත්වන සමුළුවේ අරමුණ වන්නේ, මෙරට දැවෙන ළමා අයිතිවාසිකම් ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය, ශාස්ත්‍රිය සහ ආයතනික ක්‍රියාමාර්ග දිරි ගැන්වීමයි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට (NCPA) අනුව, 2024 වසරේදී ළමා අපයෝජන සහ ඒ ආශ්‍රිත පැමිණි 10,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඉන් 8% කට වැඩි ප්‍රමාණයක් යම් ආකාරයක ලිංගික අපයෝජනයන් සම්බන්ධ වේ. සාක්ෂි සහ දත්ත මත පදනම් වූ විසඳුම් සඳහා ඇති හදිසි අවශ්‍යතාවය හඳුනාගනිමින්, ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මැඩලීම සඳහා ශ්‍රී ලංකාව සිදු කර ඇති නව කැපවීම්වලට සහාය වීම අරමුණු කරගනිමින් ICCP’25 සමුළුව ප්‍රතිපත්තිම සම්පාදකයින්, විද්වතුන් සහ වෘත්තිකයින් එකට එක් කරයි.

කථානායක ජගත් වික්‍රමරත්න, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර, යුරෝපා සංගමයේ මෙරට තානාපතිනී Carmen Moreno, යුනිසෙෆ් ශ්‍රී ලංකා වැඩබලන නියෝජිත Begoña Arellano, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා යන මහත්ම මහත්මීන් අදහස් පළ කළ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ (SRSG) ළමා හිංසනය පිළිබඳ විශේෂ නියෝජිත වෛද්‍ය Najat Maalla M’jid, මහතා වීඩියෝ තාක්ෂණය මඟින් සුභ පැතුම් එක් කරන ලදී.

කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය, නාමල් සුදර්ශන, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ, රොහින්ත අබේසූරිය, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා, වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ සභාපති, ජනාධිපති නීතිඥ, සුහද ගමලත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) සභාපතිනි, හිටපු මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ, 2025 ළමා ආරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සභාපති මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ජාත්‍යන්තර සහ දේශීය විශේෂඥයින්, පර්යේෂකයින් සහ ළමා ආරක්ෂණ වෘත්තිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com