නීතිවිරෝධී ලෙස මෙරට රැඳි සිටි ඉන්දීය ජාතිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට

0
සූදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අත්අඩංගුවට

සූදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිතර වී සිටි ඉන්දීය ජාතිකයින් 21 දෙනෙකු ආගමහන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින (18) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ වීසා ඉකුත් වූ පසුවත් නීතිවිරෝධී ලෙස කිරුලපන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මෙම ජාවාරම සිදුකර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශය යටතේ පවතින අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු මේ බව අනාවරණය කර මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් සියලුදෙනා අවුරුදු 22-36ත් අතර පසුවන්නන් බවද අනාවරණය වී ඇත.

මෙම පිරිස කඩිනමින් ඉන්දියාව වෙත පිටුවහල් කිරීම සඳහා වැලිසර පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com