දිවයින පුරා විශේෂ මෙහෙයුමක්; 1,461ක් අත්අඩංගුවට

0
දිවයින පුරා විශේෂ මෙහෙයුමක්; 1,461ක් අත්අඩංගුවට

දිවයින පුරා විශේෂ මෙහෙයුමක්; 1,461ක් අත්අඩංගුවට

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 1,461ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත ආරක්ෂක නිලධාරීන් 14,000කට අධික සංඛ්‍යාවක් යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කර ඇත.

එහිදී වාහන 46ක් හා යතුරුපැදි 51ක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිසිය පැවසුවේ මෙම මෙහෙ‍යුම හරහා අපරාධ සඳහා සෘජුව දායකත්වය ලබාදුන් පුද්ගලයන් 107ක් හා ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගත් බවය.

එමෙන්ම හෙරොයින්, අයිස්, ගංජා හා නීති විරෝධී මත්පැන්ද මෙහිදී පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com