කටුනායක ගුවන්තොටේ දී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
 
                කටුනායක ගුවන්තොටේ දී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
තායිලන්තයේ බැංකොක් සිට ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබූ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළ රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ.
රුපියල් තුන් කෝටි එකොළොස් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ “රක්ත මාවත”(Red Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (16) උදෑසන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි, කරත්තයක් භාවිතා කරමින් එළවළු වෙළදාමේ නිරත 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග තුනට නවන කුඩ 50ක්ද තායිලන්තයෙන් මිළදී ගෙන, ඒවා අතරින් කුඩ 20ක් ඇසුරුම් තුළින් ඉවත් කර, එම ඇසුරුම් තුළට, මෙම ”කුෂ්” මත්ද්‍රව්‍ය පුරවා රැගෙන විත් තිබේ.
සැකකරු රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සදහා, තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ, එතැන් සිට අද (16) උදෑසන 10.00ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොහු කුඩ 20ක් අඩංගු ඇසුරුම් තුළ ”කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 117ක් සගවා ගෙන තිබූ අතර, ඒවා අත් අඩංගුවට ගෙන විවෘත කළ පසු දැඩි මත්ද්‍රව්‍ය දුර්ගන්ධයක් ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ පැතිර යන්නට වූ බවද වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් ගුවන් මගියා සහ මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

 
                                            


