පරිවාස ළමුන් හා වීදි ළමුන් සඳහා රු. 5000ක ජීවන වියදම් දීමනාවක්

0
පරිවාසගතව සිටින ළමුන් හා වීදි ළමුන් සඳහා රු. 5000ක ජීවන වියදම් දීමනාවක්

පරිවාසගතව සිටින ළමුන් හා වීදි ළමුන් සඳහා රු. 5000ක ජීවන වියදම් දීමනාවක්

ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාව ලබාදීමේ වැඩසටහන හෙට දින (15) ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය පැවසුවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය සඳහන් කළේ මෙම වැඩසටහනින් ළමයින් 9,191කට ප්‍රතිලාභ හිමිවන බවයි.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය,- සරෝජා සාවිත්‍රි පොල්රාජ්,

”ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීදි ළමයින් සඳහා රුපියල් පන්දහසක දීමනාව මාසිකව ලබා දීමට කටයුතු කරලා තියෙනවා. මේ 5,000 දීමනාව ලංකාව පුරාම ළමා සංවර්ධන මධ්‍යස්ථාන 306ක ජීවිත් වෙන ළමුන් 9,191ක් මෙයින් ප්‍රතිලාහී වෙනවා. ඒ ළමුන් සඳහා ලබා දෙන ප්‍රතිලාභයෙන් රුපියල් 3,000ක් ළමයින්ගේ භාරකාරත්වය දරන ආයතනවල භාරකාරීත්වයට පැවරෙනවා.. රුපියල් 2,000ක් තමා ‘අර්ථ’ යන ගිණුමට තැන්පත් කරන්නේ. ඔවුන්ට අවුරුදු 18ක් සම්පූර්ණ වුණාම ඉදිරි අනාගතය සඳහා මේ රුපියල් 2000 මුදල ප්‍රයෝජනවත් වෙනවා.. මෙම ප්‍රතිලාභ සඳහා මිලියන දහසක මුදලක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා.. සෑම මාසෙකම 10 වෙනිදාට අදාළ ගිණුමට මුදල් තැන්පත් වෙන විදිහට තමා මේක හදලා තියෙන්නේ”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com