උතුරු පළාතේ එක් හෙදියක් හෝ නොමැති ප්‍රාදේශීය රෝහල් 33ක් – සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය

0
උතුරු පළාතේ එක් හෙදියක් හෝ නොමැති ප්‍රාදේශීය රෝහල් 33ක් - සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය

උතුරු පළාතේ එක් හෙදියක් හෝ නොමැති ප්‍රාදේශීය රෝහල් 33ක් - සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය

උතුරු පළාතේ එක් හෙදියක් හෝ නොමැති ප්‍රාදේශීය රෝහල් 33ක් පවතින බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරියේදී නව හෙද පත්වීම් ලබාදීමත් සමඟ එම පුරප්පාඩු සපුරාලීමට පියවර ගන්නා බවයි.

නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පෙරවරුවේ සිදුකෙරුණා.

නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල තුළ හදිසි අනතුරු ඒකකයක්, ඖෂධ ශාලාවක්, එන්නත් කාමරයක්, දන්ත ඒකකයක්, හෙද විවේකාගාරයක්, ඊ.සී.ජී ඒකකයක්, ශල්‍ය ඒකකයක්, ප්‍රාථමික සත්කාර ඒකකයක් මෙන් ම සනීපාරක්ෂක පහසුකම්වලින්ද යුක්තයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් යාපන අර්ධත්වීපයට පැමිණි මුල්ම අවස්ථාව මෙය වන බවත්, එහිදි පැමිණි ප්‍රථම රෝහල නයිනතිවි රෝහල බවත් අමාත්‍යවරයා ප්‍රථමයෙේම සිහිපත් කළා.

මෙවැනි ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන රට පුරා ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට පසුගිය මාස කිහිපය තුළ සවිස්තර සැලසුමක් සකස් කරමින් සිටින බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසුවා.

මෙරට සෞඛ්‍ය සේවාව පරිවර්තනයකට ලක් විය යුතු බවත් ලෝකයේ සෞඛ්‍ය සේවාවන් පරිවර්තනයට ලක්ව ඇති බවද මෙහිදී සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාව ජනතාව කේන්ද්‍ර කර ගත යුතු බවත්, පැවතුනේ වෛද්‍යවරයා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් බවද ජනතාව පුරුදුව තිබෙන්නේ දුර ගෙවා ගොස් ප්‍රතිකාර සේවා ලබා ගැනීමට බවත්, යාපනය රෝහලේද රෝගී තදබදයට එම තත්ත්වය හේතු වී ඇති බවද සඳහන් කළා.

මෙවැනි දුපත්වල ප්‍රාථමික සත්කාර ඒකකවලින් වඩා ගුණාත්මක සේවාවක් ලබා දිය හැකි බවත් වසර 10ක් 12ක් වැනි දිගු කාලයක් ගොඩනැගිලි ඉදිකෙරෙද් දී මෙම ගොඩනැගිල්ල නාවික හමුදාව විසින් ඉතා කෙටි කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු කිරීම සතුටට කරුණක් බවද පැවසුවා.

ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාව පොලිම්වල නොතබා නවීන තාක්ෂණයද යොදා ගනිමින් වේලාවක් ලබා දී ප්‍රතිකාර සඳහා යොමු කර ගැනීමට බලාපොරොත්තු වන බවද ජනතාවට අවශ්‍ය වන්නේ එවැනි සේවාවක් බවද අමාත්‍ය්‍යවරයා මෙහි දී පැවසුවා.

එමෙන් ම වෛද්‍ය උපකරණ සහ ගිලන් රථ ඇතුළු රථවාහන අළුත්වැඩියා කටයුතු අංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දුර්වල බවත්, ඉදිරියේ දී මිල අධික වෛද්‍ය උපකරණ හා ගිලන් රථ ඇතුළු වාහන ලබාදීමේ දී එම භෞතික සම්පත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ආයතන සමඟ කළමනාකරණයට කටයුතු යොදන බවත් රෝහලේ ගිලන් රථ අවශ්‍යතාව සපුරාලන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com