ඇමරිකාව, ජපානය හා දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක

0
ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක

ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක

ඇමෙරිකාව, ජපානය හා දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෝම්බ හෙලීමේ යානා සහ ප්‍රහාරක ජෙට් යානා මෙම යුද අභ්‍යාසයට එක්කර තිබුණි.

ඉරාන, ඊශ්‍රායල යුද ගැටුම අතරතුර ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව යොදා ගත් බී ටු වර්ගයේ අතිප්‍රබල බෝම්බ හෙළිමේ යානාවලට සමාන බී 52 වර්ගයේ බෝම්බ හෙලිමේ යානා මෙම යුද අභ්‍යාසයට එක්කර තිබිම විශේෂත්වයක්.

ඇමෙරිකාවේ, ජපානයේ හා දකුණු කොරියාවේ ආරක්ෂක ප්‍රධානීන් දකුණු කොරියාවේ සෝල් නුවරදි වාර්ෂිකව හමුවන අතර එම හමුවට සමගාමිව මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසය සිදුකර තිබේ.

ඉන්දු පැසිෆික් කලාපයට උතුරු කොරියාවෙන් එල්ල විය හැකි ආරක්ෂක තර්ජන පිළිබදව මෙම හමුවේදී විශේෂ අවධානයක් යොමුවිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com