ඊශ්‍රායලය ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 82 දෙනෙක් ජිවිතක්ෂයට

ඊශ්‍රායලය ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 82ක් මරුට
ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන සාමාන්‍ය වැසියන් 82 දෙදෙනෙකු ඝාතනයට පත්ව තිබේ.
මිය ගිය පිරිස අතරට කාන්තාවන් 4 දෙනෙකු හා කුඩා දරුවන් 9 දෙනෙකු ඇතුලත් බවයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
ඔවුන් සියලුදෙනා මධ්‍යම ගාසාවේ කුඩා දරුවන්ට ආහාර ලබාදෙන මධ්‍යස්ථානයක් අසල රැදි සිටි පිරිසක් බවයි වාර්තා වේ
ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඊට කුඩා දරුවන් 19 දෙනෙකු ඇතුලත්.
ආධාර ලබා ගැනීමට පැමිණෙන පිරිස් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරයන් දැඩිව හෙළා දකින බව යුනිසෙෆ් සංවිධානය නිවේදනය කරයි.
එමෙන්ම කුඩා දරුවන් ඝාතනය කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව එම සංවිධානය සඳහන් කරයි.