අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

0
සූදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අත්අඩංගුවට

සූදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අත්අඩංගුවට

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අද දින(9) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය නඩුවකට අදාළව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා හා තවත් නිලධාරියෙකු එම සැකකරුවන්ගෙන් ලක්ෂ 2ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

ඉන් රුපියල් 20,000ක් මුදලක් අදාළ පොලිස් නිලධාරීන් ප්‍රථමයෙන් ලබාගෙන ඇති අතර, ඉතිරි රුපියල් 180,000ක මුදල ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙක් පොලිස් නිලධාරියා එම ස්ථානයෙන් පලාගොස් ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරියා මූලික පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.

පලාගිය පොලිස් නිලධාරියා සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් පාර්ශවය සොයා අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com