විදේශවලින් සපයන online සේවාවලට 18%ක වැට් බද්දක්

විදේශවලින් සපයන online සේවාවලට 18%ක වැට් බද්දක්
නිර්වාසික තැනැත්තකු විසින් ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී, ඊට අදාළව 18%ක වැට් බද්දක් ඔක්තෝබර් 01 වන දින සිට ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.
එම සේවා සැපයීම්වලට අදාළව එකතු කළ අගය මත බදු ගණනය කිරීම සහ එම බද්ද ගෙවීම සිදු කළ යුතු ආකාරය පිළිබඳ අදාළ ගැසට් පත්‍රය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි පපෙවුවා හිමාලි ප්‍රනාන්දු මහත්මියගේ අත්සනින් නිකුත් කොට තිබේ.
ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවාවන් බදු අය කළ හැකි සැපයුමක් ලෙස දක්වා නිකුත් කළ එම ගැසට් නිවේදනයේ සඳහන් සේවා පහත දැක්වේ.
මේඝ පරිගණනය (Cloud Computing): සත්කාරක සේවා, පරිගණක ගබඩා පහසුකම් සහ පරිගණක බල සේවා, සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම (SaaS): වෙබ් පාදක යෙදුම්, විද්‍යුත් වාණිජ්‍ය සේවා: මාර්ගගත වෙෙළඳසල්, ගෙවීම් ද්වාර සහ ඇණවුම් ඉටු කිරීමේ සේවා, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළඳ ප්‍රචාරණය: සෙවුම් යන්ත්‍ර ප්‍රශස්ත කරණය (SEO), සමාජ මාධ්‍ය අලෙවිකරණය, PPC දැන්වීම් සහ විද්‍යුත් තැපැල් අලෙවිකරණය, සයිබර් ආරක්ෂණ සේවා; තර්ජන හඳුනා ගැනීම, ෆයර්වෝල් ආරක්ෂාව සහ දත්ත සංකේතනය, තොරතුරු තාක්ෂණ සහාය සහ කළමනා කරණය කළ සේවා: දුරස්ථ තාක්ෂණික සහාය, තොරතුරු තාක්ෂණ උපදේශන සහ උපකාරක සේවා විසඳුම්,
ප්‍රවාහ සේවා: වීඩියෝ, සංගීතය, සජිවී අන්තර්ගතයන් සහිත වේදිකා,
මූල්‍ය තාක්ෂණය (FinTech): මාර්ගගත බැංකුකරණය, ගෙවීම් සකසනයන් (PayPal, Stripe සහ cryptocurrency හුවමාරු), ඊ- වාණිජ්‍ය වේදිකා (E-commerce Platforms) (Social Media Platforms), ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා (On-Demand Service Platforms), අන්තර්ගතය බෙදා ගැනීමේ වේදිකා (Content Sharing Platforms), Cloud collaboration වේදිකා, වෙළඳ පොළ වේදිකා, සුදු ක්‍රීඩා වේදිකා, Blockchain 50 NFT : OpenSea, Binance, Ethereum, සාමාජිකත්වය සඳහා දායක මුදල් ගෙවනු ලබන වෙබ් අඩවි, හෝටල් වෙන් කිරීම්, ටිකට්පත් වෙන් කරවා ගැනීම සඳහා යෙදුම් භාවිතය එම ගැසට්ටුවේ දැක්වේ.