ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි
මධ්‍යම ටෙක්සාස්හි ගංවතුරින් මියගිය පිරිස 100 ඉක්මවා ගොස් ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ‘කර්’ ප්‍රාන්තයේ 84 දෙනෙකු අතුරුදන් බවත් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සිව්වන දිනටත් ක්‍රියාත්මක බවත්ය.
කර් ප්‍රාන්තයේ ගැහැණු ළමයින් සඳහා වූ ගිම්හාන කඳවුරක මියගිය ළමයින් සහ කාර්ය මණ්ඩලය 27 දෙනෙකු බව තහවුරු වී තිබේ.
තවමත් ළමයින් 10 දෙනෙකු සහ උපදේශකවරයෙකු අතුරුදහන් බව වාර්තා වේ.
කාළගුණ අංශ පවසන්නේ තවදුරටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ අපේක්ෂා කරන බවයි. මේ නිසා හදිසි ගංවතුර හටගැනීමේ අවදානමක්ද පවති.
ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේද යන්න පිළිබඳව මේ වන විට ගැටලු මතු වී තිබේ.
ධවල මන්දිරය පවසන්නේ, ජනාධිපති ට්‍රම්ප් මේ සති අන්තයේ ගංවතුරින් විනාශ වූ ප්‍රදේශ වෙත යාමට සැලසුම් කර ඇති බවයි.