කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගමෙන් මහා භාණ්ඩාගාරයට ලක්ෂ 74ක්

කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගමෙන් මහා භාණ්ඩාගාරයට ලක්ෂ 74ක්
කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගම තම ලාභාංශයෙන් රුපියල් ලක්ෂ 74කට අධික මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර ආයතනවලින් එකක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගමෙහි (KGLL) අධ්‍යක්ෂ මණ්ඩලය, එහි කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරයට රුපියල් 7,432,481ක ලාභාංශ දායකත්වයක් ලබාදීමට අනුමත කර ඇත.
ජාතික ආර්ථිකයට සහාය වීම සඳහා එම සමාගමේ අඛණ්ඩ කැපවීම මෙම තීරණයෙන් පිළිබිඹු වන බවද මෙම දායකත්වය පිළිබඳ නිල දැන්වීම මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාරදුන් බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගමේ සභාපති ඉංජිනේරු පී.වී.ඒ. හේමලාල්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මූල්‍ය) ඒ. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.රිචඩ් කොස්වත්ත මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.