නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට

0
ලක්ෂ 50ක අම්බර් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට එම කොමිෂන් සභාවේ සාමාජිකාවක වූ රේණුකා ඒ්කනායක මහත්මිය මෙසේ ඉල්ලා අස්වීම යවා ඇත. ඒ් අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ මේ වන විට පුරප්පාඩු දෙකක් පවතී. ඉන් එක් පුරප්පාඩුවක් දැනට දීර්ඝ කාලයක් තිස්සේ පවතින අතර, අනෙක් පුරප්පාඩුව නිර්මාණය වූයේ රේණුකා ඒ්කනායක මහත්මියගේ ඉල්ලාඅස්වීමත් සමග ය. රේණුකා ඒ්කනායක මහත්මිය යනු හිටපු ජනාධිපති ලේකම් සමන් ඒ්කනායක මහතාගේ බිරිද ය.

ලක්ෂ 50ක අම්බර් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

TMVP පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නැගෙනහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය භාරතී අත්අඩංගුවට ගෙන තිබේ.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 දෙසැම්බර් 15වන දින කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට, දෙමළ ජනතා විමුක්ති කොටි සංවිධානයේ නායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය අප්‍රේල් 8වන දින මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 03ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පිල්ලෙයාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ කරුණු මත ඉනිය භාරතී හෙවත් කුමාරස්වාමි පුෂ්පකුමාර් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

කලක් LTTE සංවිධානයේ ඉදිරි පෙළ නායකයෙකු ලෙස කටයුතු කළ ඉනිය භාරතී පසුව කරුණා අම්මාන් සමග LTTE සංවිධානය අතහැර පැමිණි අයෙකු වේ.

මේ අතර 2005 සහ 2009 අතර කාලය තුළ තිරුක්කෝවිල් සහ විනයාගපුරම් ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ‘ඉනිය භාරතීට චෝදනා කර ඇති අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කර තිබීමද විශේෂත්වයකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com