පිඹුරන් තිදෙනෙකු යට ඇඳුම තුළ සඟවාගෙන පැමිණ පුද්ගලයකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

0
පිඹුරන් 3කු යට ඇඳුම තුළ සඟවාගෙන සිටි ලාංකිකයෙක් බැංකොක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

පිඹුරන් 3කු යට ඇඳුම තුළ සඟවාගෙන සිටි ලාංකිකයෙක් බැංකොක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

බැංකොක් සුවර්ණභූමි ගුවන් තොටුපළේදී බෝල පිඹුරන් තිදෙනෙකු යට ඇඳුම් තුළ සඟවා ගෙන රටින් පිටතට ගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බැංකොක් පෝස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි.

බැංකොක් හි වනජීවී අපරාධ බුද්ධි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පොලාවී බුචකියට් පැවසුවේ, මේ පිළිබඳ තම නිලධාරීන්ට බුද්ධි තොරතුරු ලැබුණු බවත්, ශෙහාන් නම් මෙම ශ්‍රී ලාංකික සැකකරු තායි එයාර්වේස් TG308 ගුවන් යානයෙන් බැංකොක් වෙත පැමිණි බවත්ය.

පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ වෘකයන්, මීර්කට්, කළු කොකාටූ, සීනි ග්ලයිඩර්, පෝර්කපයින්, බෝල පිඹුරන්, ඉගුවානා, ගෙම්බන්, සැලමැන්ඩර් සහ කැස්බෑවන් ඇතුළු විවිධ වනජීවී විශේෂයන් ප්‍රවාහනය කිරීමේ පෙර සිදුවීම් ඇති බවයි. ඔහු මීට පෙර 2024 දී කොළඹදී වනජීවී චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව පොලාවී පවසා ඇත.

පෙරේදා දින සැකකරු සවස 6ට පමණ තම නවාතැනෙන් කුලී රථයකින් පිටත් වී සවස 7ට පමණ සුවර්ණභූමි ගුවන්තොටුපළට පැමිණ ඇති අතර ඔහු ගුවන් තොටුපලට ඇතුළු වු පසු ඔහුගේ ගමන් මලු පරීක්ෂා කළද කිසිවක් හමුවී නොමැත.

පසුව නිලධාරීන් ශරීර පරීක්ෂාවක් ඉල්ලා සිටි අතර එහිදී ඔහුගේ යට ඇඳුම්වල සඟවා තිබූ බෝල පිඹුරන් තුනක් (Python regius) සොයා ගෙන ඇත.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com