ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන්ගේ පාලනය විධිමත් ලෙස පිළිගත් පළමු රට රුසියාව

0
ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන්ගේ පාලනය විධිමත් ලෙස පිළිගත් පළමු රට රුසියාව

ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන්ගේ පාලනය විධිමත් ලෙස පිළිගත් පළමු රට රුසියාව

2021දී බලය අල්ලා ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය නිල වශයෙන් පිළිගත් පළමු රට බවට රුසියාව පත්විය. ඒ එම කණ්ඩායම තහනම් සංවිධාන ලැයිස්තුවෙන් ඉවත් කිරීමෙන් පසුවයි.

රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ ඇෆ්ගනිස්ථානයේ අලුතින් පත් කරන ලද තානාපති ගුල් හසන් හසන් මහතාගෙන් අක්තපත්‍ර ලැබුණු බවයි. ඇෆ්ගන් රජයේ නිල පිළිගැනීම “ඵලදායී ද්විපාර්ශ්වික සහයෝගීතාව” වර්ධනය කරනු ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍යාංශය එය ඓතිහාසික පියවරක් ලෙස හැඳින්වූ අතර, තලේබාන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි දක්වමින් රුසියාව ගත් මෙම තීරණය ‘අනෙකුත් රටවලට යහපත් ආදර්ශයක්’ ලෙස පිළිගත්තේය.

එක්සත් ජනපද සහ නේටෝ හමුදා ඉවත් කර ගැනීමෙන් පසු 2021 අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ පාලනය අත්පත් කර ගත්තේය. එතැන් සිට, ඔවුන් ජාත්‍යන්තර පිළිගැනීමක් අපේක්ෂා කරන අතරම ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ දැඩි අර්ථ නිරූපණය ද ක්‍රියාත්මක කරති.

මේ දක්වා කිසිදු රටක් තලේබාන් පරිපාලනය විධිමත් ලෙස පිළිගෙන නොතිබුණද, එම කණ්ඩායම බොහෝ ජාතීන් සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡාවල නිරත වී චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගෙන තිබුණි.

තවමත්, තලේබාන් රජය කාන්තාවන්ට පනවා ඇති සීමාවන් සම්බන්ධයෙන් ගෝලීය සන්දර්භය තුළ හුදකලා වී ඇත.

1996 සිට 2001 දක්වා බලයේ සිටි පළමු කාලවකවානුවට සාපේක්ෂව මධ්‍යස්ථ පාලනයක් ගෙනයාමට තලේබාන් සංවිධානය මුලින් පොරොන්දු වුවද, 2021 අත්පත් කර ගැනීමෙන් පසු එකී පාලනය කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්‍ට සීමාවන් පැනවීම ආරම්භ කළය. උද්‍යාන, නාන කාමර සහ ව්‍යායාම ශාලා ඇතුළු බොහෝ රැකියා සහ පොදු ස්ථාන කාන්තාවන්ට තහනම් කර ඇති අතර, ගැහැණු ළමයින්ට හයවන ශ්‍රේණියෙන් ඔබ්බට අධ්‍යාපනයද තහනම් කර ඇත.

ඇෆ්ගනිස්ථානය ස්ථාවර කිරීම සඳහා තලේබාන් සංවිධානය සමඟ කටයුතු කිරීමේ අවශ්‍යතාවය රුසියානු නිලධාරීන් මෑතකදී අවධාරණය කර ඇති අතර, අප්‍රේල් මාසයේදී තලේබාන් සංවිධානයට පනවා තිබූ තහනමද ඉවත් කළහ.

ඇෆ්ගනිස්ථානයේ රුසියානු තානාපති දිමිත්‍රි ෂිර්නොව්, රාජ්‍ය චැනල් වන් රූපවාහිනිය විසින් විකාශනය කරන ලද අදහස් දැක්වීමේදී කියා සිටියේ, විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ගේ උපදෙස් මත ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් තලේබාන් රජය නිල වශයෙන් පිළිගැනීමේ තීරණය ගත් බවයි.

මෙම තීරණය රුසියාව ඇෆ්ගනිස්ථානය සමඟ පූර්ණ සබඳතා වර්ධනය කර ගැනීම සඳහා අවංක උත්සාහයක් බව ෂිර්නොව් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com