තායිලන්ත අගමැතිනියගේ වැඩ තහනම්

තායිලන්ත අගමැතිනියගේ වැඩ තහනම්
තායිලන්ත අග්‍රමාත්‍යවරියගේ වැඩ තහනම් කිරීමට එරට ව්‍යවස්ථා අධිකරණය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තායිලන්ත අග්‍රාමාත්‍ය පේටන්ග්ටර්න් ෂිනවත්රාගේ දුරකතන ඇමතුමක් මූලික කර ගනිමින් ඇයට ධුරයෙන් ඉවත් වන ලෙස රට පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මකයි.
ඇය කාම්බෝජියාවේ හිටපු නායක හුන්සෙන් සමග සිදුකළ දුරකතන සංවාදයක දී තායිලන්ත හමුදා ප්‍රධානියා විවේචනය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
ඒ හේතුවෙනුයි ඇයට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් විරෝධතා පැවැත්වෙන්නේ.
ඒ සම්බන්ධයෙන් වන පෙත්සමක්ද අධිකරණය ඉදිරියේ ගොනුකර ඇති අතර එය සලකා බැලීම අධිකරණය ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
ධුරයට ඇය නුසුදුසු බවට අධිකරණය තීරණය කළහොත් පසුගිය දශක දෙකක කාලය තුළ දී තම ධුර කාලය සම්පුර්ණ කිරීමට ප්‍රථමයෙන් පාලන බලය අහිමි වු ෂිනවත්රාර පවුලේ තුන්වන සාමාජිකයා බවට ඇය පත්වනු ඇති.