කොටස් වෙළඳපොළේ වාර්තාගත ඉහළ යාමක්

0
කොටස් වෙළඳපොළේ වාර්තාගත ඉහළ යාමක්

කොටස් වෙළඳපොළේ වාර්තාගත ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) දිනයේ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව අද (26) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,740.46ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

පසුගිය ජූනි 12 දින වාර්තා වූ ඒකක 17,661.5ක්වූ ඉහළ අගයේ වාර්තාව ඒ අනුව අද (26) දිනයේ අභිබවා ගොස් තිබෙනවා.

අද (26) දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 204.84කින් ඉහළට ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දිනයේ සමස්ත පිරිවැටුම රු. බිලියන 6.85ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com