උතුරෙන් දකුණට එන පාද යාත්‍රාවට කුමන පිවිසුම විවෘත කරයි

0
උතුරෙන් දකුණට එන පාද යාත්‍රාවට කුමන පිවිසුම විවෘත කරයි

උතුරෙන් දකුණට එන පාද යාත්‍රාවට කුමන පිවිසුම විවෘත කරයි

2025 පාද යාත්‍රාව වෙනුවෙන් යාල වනෝද්‍යානයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි කුමන පිවිසුම හෙට (20) දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබේ.

උතුරු නැගෙනහිර ජනතාව කතරගම පුදබිම වෙත පැමිණෙන මෙම පාද යාත්‍රාව මෙරට දීර්ඝතම පාද යාත්‍රාව ලෙස සැලකෙයි.

කුමන සහ යාල වනෝද්‍යාන මැදින් කිලෝමීටර් 100කට වැඩි ප්‍රමාණයක් විවිධ පරිසර පද්ධති සහ වනසතුන් ගහන ප්‍රදේශ පසු කරමින් බැතිමතුන් කතරගම වෙත පැමිණෙනු ලබයි.

ඔකඳ සිට යාල හරහා කතරගම පාද යාත්‍රාව සඳහා සති 2ක කාලයක් මෙලෙස කුමන පිවිසුම විවෘතව පවතී.

කතරගම දෙවියන්ට දක්වන භක්තිය සහ බැතිමතුන් සිදුකළ විවිධ භාරහාර වෙනුවෙන් මොවුන් මෙලෙස පාගමනින් කතරගමට පැමිණෙයි.

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ පෙරහැර මංගල්‍යය එළඹෙන 26 වනදා ආරම්භවීමට නියමිතව ඇත.

ඒ අනුව මම බැතිමතුන් දින 5ක හෝ 6ක කාලයක් කුමන සහ යාල වනෝද්‍යාන මැදින් මෙලෙස ගමන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com