රජයේ සේවකයින්ට බාධා කළොත් දැඩි දඬුවම්

0
රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අතිකාරම් මුදල ඉහළ දමමින් චක්‍රලේඛයක්

රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අතිකාරම් මුදල ඉහළ දමමින් චක්‍රලේඛයක්

රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් සහ පහරදීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍ය මහාචාර්යය චන්දන අබේරත්න මහතා පවසනවා.

ඒ, පසුගිය දිනක වනජීවි දෙපාර්තමේන්තු නිලධාරියෙකුට හිටපු මන්ත්‍රිවරයකුගේ සමීපතමයකු පහරදීමට උත්සාහ කිරිමේ සිදුවීමත් සමගයි.

රාජකාරි වේලාව තුළදී පුත්තලම ප්‍රදේශයේ, වන අලි අභය භූමියට පලවා හැරි වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට අදාල මන්ත්‍රිවරයාගේ සමීපතමයා පහර දීමට උත්සහ කර ඇති බවත් වනජීවි නිලධාරීවරයා සතුව තිබූ අලි පලවා හැරීමට භාවිතා කරන රාජකාරි ගිනි අවියද පැහැර ගැනීමට සැකකරු උත්සහ කර ඇති බවද අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව එම සිදුවීම් පාදක කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් හා රාජකාරියට බාධා කිරිම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර අදාල පුද්ගලයින්ට නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com