අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක්

0
අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක්

අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක්

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස රොහාන්ත අබේසුරිය මහතා පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දී තිබේ.

මෙම අනුමැතිය ජනාධිපති ලේකම් කාර්යාලයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු වන ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය මහතා මීට පෙර එහි අපරාධ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීමත් සමඟ 2025 පෙබරවාරි 02 වන දින විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතා වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස පත් කෙරුණා.

ලෆාර් මහතාද ජුනි 18 වැනිදා විශ්‍රාම යෑමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com