බලශක්ති අමාත්‍යංශය සිදු කළ විශේෂ ඉල්ලීම

බලශක්ති අමාත්‍යංශය සිදු කළ විශේෂ ඉල්ලීම
මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ඇතිවිය හැකි බවට ව්‍යාජ ප්‍රවෘත්ති සංසරණය වන බවත්, එහෙත් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග තිබෙන බවත්, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයාකොඩි මහතා පැවසීය.
අද දින (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය.
අගෝස්තු මස අවසන් වනතෙක් අවශ්‍ය ඉන්ධන තොග තිබෙන බවත්, මෙම වසරේ දෙසැම්බර් මාසය දක්වා අවශ්‍ය ඉන්ධන සැපයුම් සඳහා ගිවිසුම් අත්සන් කර ඇතැයිද ඔහු සඳහන් කලේය.
මෙරටට පැමිණෙන බොහොමයක් ඉන්ධන තොග පැමිණෙන්නේ යුධමය කාළාපයන්ගෙන් පරිභාහිර ඉන්දියාව, සිංගප්පූරුව රටවල් හරහා නිසා ඒ පිළිබඳව ගැටලුවක් ඇති නොවනබවද පැවසිය. එබැවින් අනවශ්‍ය ලෙස තොග රැස්කර නොගන්නා ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අනවශ්‍ය ලෙස කලබල වෙමින් ඇතැම් පිරිස් ඉන්ධන තොග රැස්කර ගැනීම නිසා බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.