2009ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර සම්බන්ධව දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

0
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

2009 වසරට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි පළවන පුවත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ පළවන එකී පුවත් සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව රියදුරු බලපත් අවලංගු කිරීම සම්බන්ධව කඩිනම් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවය.

මේ සම්බන්දව ඉදිරි කටයුතු මේ වන විට සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් දන්වා ඇති එම දෙපාර්තමේන්තුව පැවසුවේ දැනටමත් 2009ට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර වෙනුවට නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *