දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝග

0
දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝග

දයා ගමගේට අයත් ආයතන 3ක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් සමාගම් තුනක දේපළ වෙන්දේසි කිරීමට තීරණය කර තිබේ.

ඒ මීට පෙර අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුවයි.
වෙන්දේසිය ජූලි මස දෙවනදා පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

දයා ගමගේ මහතා විසින් පැමිණිලිකාර සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 104කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් පීපල්ස් ලීසිං සමාගම කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුනි.

මීට වසර කිහිපයකට පෙර එම නඩුවට අදාළව කොළඹ වාණිජ මහාධිකරණය විසින් දෙනු ලැබු නියෝගයකට අනුවයි මෙම වෙන්දේසිය සිදුවන්නේ.

ඒ අනුව දයා ගෘප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝට් ප්‍රයිවට් ලිමිටඩ් සහ ඔලිම්පස් කර්න්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වල දේපළ වෙන්දේසි කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com